Saturday, September 21, 2024

General line - 0115112241

ඡන්දදායකයින්ට විශේෂ දැනුම්දීමක්




උදෑසනම සිය ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කළා.

ඒ, නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනට එක්වෙමින්. 

ඡන්දය භාවිත කිරීමෙන් වළකින ලෙසට කිසිවෙකුට හෝ බලපෑම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 85ක් පමණ වනු ඇතැයි අපේක්‍ෂා කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනට එක්වෙමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙම අදහස් පළ කළා.