Tuesday, September 24, 2024

General line - 0115112241

විදෙස් මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්




ජනාධිපතිවරණය ඉතා සාමකාමී අයුරින් පැවැත්වීම විදේශීය මැතිවරණ නිරීක්ෂකයින්ගේ පැසසුමට ලක්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වූ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා.


ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි කිසිදු අපේක්ෂකයෙකු සිය ආධාරකරුවන් ප්‍රචණ්ඩත්වය සඳහා පෙළඹවීමක් සිදු නොකළ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


මේ අතර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකුට ඇප මුදල් අහිමි වන බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු රුපියල් 50,000ක් ද ස්වාධීන අපේක්ෂකයෙකු රුපියල් 75,000ක් ද ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු වනවා.

ඒ අනුව අපේක්ෂකයින් ගණන 40 දෙනෙකු මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළා.