Tuesday, September 24, 2024

General line - 0115112241

පුරාවස්තු සොයා කැනීම් කළ හිමිනමක් ඇතුළු 9 දෙනෙකු වේයන්ගොඩදී අත්අඩංගුවට




පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් එක්ස්කැවෙටර් යන්ත්‍රයක් උපයෝගී කරගෙන වඳුරව ප්‍රදේශයේ කැනීම් කරමින් සිටි හිමිනමක් ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කැනීම් කර අනර්ථයක් සිදුකරන බවට වේයන්ගොඩ පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් අනුව සිදුකල වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම වේයන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන අතර අනෙක් සැකකරුවන් ආනමඩුව, සූරියවැව, ඇඹිලිපිටිය, මිනුවන්ගොඩ හා වේයන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.