Tuesday, September 24, 2024

General line - 0115112241

ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හාරසිය අනූ දෙදෙනෙකු මරුට




ඊශ්‍රායලය දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාව හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන හාරසිය අනූ දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ මියගිය පිරිස අතර ළමුන 35 දෙනෙකු සහ කාන්තාවන්  58 දෙනෙකු සිටින බවයි.

තවත් පුද්ගලයින් 1,645 දෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් තුවාල ලබා තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂ අංශ පවසා ඇත්තේ හිස්බුල්ලා ඉලක්ක 1,300ක් පමණ එම ගුවන් ප්‍රහාරවලින් විනාශ කළ බවයි.

හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 200කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.