Wednesday, September 25, 2024

General line - 0115112241

ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණය ගැන ඉරානයට චෝදනා




ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුමක් පවතින බව ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පවසා තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් ඉරානයට චෝදනා කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය විසින් ද ට්‍රම්ප්ට පෙර දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පසුගිය මාස කිහිපය තුළ ඉරාන තර්ජන උග්‍ර වී ඇති බව බුද්ධි අංශ නිලධාරීන් හඳුනාගෙන ඇති බවත්, ට්‍රම්ප් ආරක්ෂා කිරීමට සහ මැතිවරණවලට බලපෑමක් නොවන බව සහතික කිරීමට අමෙරිකානු රජයේ නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට චෝදනා කර ඇති අතර, ඔහුගේ වෙබ් අඩවියේ සටහනක් ද තබමින් පවසා ඇත්තේ ඉරානයෙන් ඔහුගේ ජීවිතයට විශාල තර්ජන සිදු වන බවයි.

කෙසේවෙතත් ඉරානය විසින් එම චෝදනා මේවන විට ප්‍රතික්ෂේප කර තිබෙනවා.