Wednesday, September 25, 2024

General line - 0115112241

මහ මැතිවරණය ගැන නාමල්ගේ අපේක්ෂාව




එළඹෙන මහමැතිවරණය බහුතර බලයක් දිනා ගනිමින් ජයග්‍රහණය කිරීමට හැකි බව ජාතික ජන බලවේගයේ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ජනාධිපතිවරණයේදී එක් නොවුණ කොටස්ද එක් කර ගනිමින් මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කළ හැකි ශක්තිය ඔවුන් සතුව ඇති බවයි ඔහු කියා සිටියේ.

මහමැතිවරණයේදීද නායකත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියා. 

වැරදි නිවැරදි කර ගනිමින් එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වී බහුතර බලයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ.