Wednesday, September 25, 2024

General line - 0115112241

එල් ටී ටී ඊ නිල ඇදුම් කට්ටල තුනක් සොයාගැනේ

අමදෝරු අමරජීව




පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක වළ දමා තිබූ එල් ටී ටී ඊ සංවිධානයට අයත් නිල ඇදුම් කට්ටල තුනක් සොයාගෙන තිබෙනවා.

ඒ, නිලාවේලි පොලීසිය විසින්. එම නිල ඇඳුම් පොහොර බෑග් කිහිපයක බහා වල දමා තිබූ බවයි නිලාවේලි පොලිසිය පැවසුවේ.

නාවික හමුදා විජයබා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම නිලධාරින් හා එක්ව කළ වැටලීමකදී පොලීසිය විසින් මෙම ඇඳුම් කට්ටල සොයාගෙන තිබෙනවා.

එම ඇඳුම් වල දමා තිබූ ස්ථානයේ යුද ගැටුම් සමයේ එල් ටී ටී ඊ සංවිධානයේ කඳවුරක් පවත්වාගෙන ගොස් ඇති බවටද සැක කෙරෙන බවයි පොලීසිය පැවසුවේ.