Friday, September 27, 2024

General line - 0115112241

වසා දමා ඇති කොළඹ මාර්ග දෙකක් විවෘත කරන්නැයි ජනපතිගෙන් උපදෙස්




මාර්ග බාධක යොදා වසා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට මාර්ග දෙකක් යළි විවෘත කරන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පොලීසියට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත මහජන පරිහරණය සදහා යළි විවෘත කෙරෙනු ඇති.

ජනාධිපති මන්දිරය සහ අවට ප්‍රදේශය මෙතෙක් අධි ආරක්‍ෂික කලාපයක් ලෙස නම්කර එම මාර්ග වසා දමා තිබුණා.