Wednesday, November 27, 2024

General line - 0115112241

සහන වැඩ ගැන අහන්න ජනපති නිලධාරීන් කැඳවයි




මේ අතර තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇතිවී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. 

ඒ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සදහා රාජ්‍ය නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති සාකච්ඡාවේදීයි.

ජනතාවට සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන් කරන ලෙසයි ජනාධිපතිවරයා බලධාරීන්ට මෙහිදී දැනුම් දී ඇත්තේ. 

උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ මානසික තත්ත්වය සහ අපහසුතා පිළිබඳ  සළකා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ජනාධිපතිවරයා අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.