Friday, September 27, 2024

General line - 0115112241

හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකුට එරෙහි නඩුවක් කල් යයි

උදය කුමාර




හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව, අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවක් ලබන 04 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා.

ඒ, 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 50කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදා දුන් බවට එල්ල වූ චෝදනාවට අදාළවයි.

අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග වුණා.

එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු  අමල් රණරාජා මහතා අභියාචනාධිකරණයට උසස් වීමක් ලබා ගොස් ඇති බැවින් එම පුරප්පාඩුවට වෙනත් විනිසුරුවරයෙකු පත් කරන තුරු නඩුව ලබන 04 වනදා දක්වා කල්තබන බව නියෝග කළා.