Friday, September 27, 2024

General line - 0115112241

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව ඉවතට




හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සඳහා අනියුක්ත කර සිටි පොලිස් නිලධාරීන් යළි කැඳවා තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද සිට එම නිලධාරීන් එලෙස කැඳවූ බවයි.

කෙසේවෙතත් හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක, හිටපු විපක්ෂ නායකට තවදුරටත් පොලිස් ආරක්‍ෂාව සපයනු ලබනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් යළි මෙලෙස කැඳවා තිබෙනවා.