Wednesday, November 27, 2024

General line - 0115112241

රනිල්ගේ කණ්ඩායම රැස්වේ




ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ අතර විවිධ සාකච්ඡා තවදුරටත් සිදුවනවා.

එවැනි සාකච්ඡාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ ඉදිරි මහ මැතිවරණය සඳහා පුළුල් සන්ධානයක් ගොඩනඟන බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මෙම අදහස් පල කළා.  

මේ, එම සාකච්ඡාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ සහය දැක්වූ මන්ත්‍රීවරුන් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.