Wednesday, November 27, 2024

General line - 0115112241

ආදායම් බදු නොගෙවූ ජනතාවට විශේෂ දැනුම් දීමක්




2023, 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු සැප්තැම්බර් 30වන දින හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

යම් තැනැත්තෙකු එලෙස කටයුතු නොකරන්නේ නම් නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දන්ඩනයකට සහ පොළියකට යටත් වන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම මෙම දඩ හෝ පොලී අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු නොකරන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

ඕනෑම බදු වර්ගයක් සඳහා යම් තැනැත්තෙකු විසින් ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීමෙන් හිඟ බදු පවතී නම් ඒ සියල්ල ඔක්තොබර් 30වන දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු වනවා.

එලෙස කටයුතු නොකරන තැනැත්තන්ට එරෙහිව නීතිමය නටයුතු සහ සියලු ආකාරයේ අය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදු වන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.