Saturday, September 28, 2024

General line - 0115112241

අදත් පොත් ප්‍රදර්ශනයට මහ සෙනඟක්




කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දෙවන දිනටත් මේ වන විට ක්‍රියාත්මකයි. පොත් මිලදී ගැනීම සඳහා පැමිණි පාඨකයින්ගෙන් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානය මේ වන විටත් පිරී ගොස් තිබෙනවා.

ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් කුටියේ රැඳී සිටින සචිනි සීලවර්ධන සමගින්.

නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය දක්වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මෙවර පැවැත්වෙන්නේ 25 වන වරටයි.