Saturday, September 28, 2024

General line - 0115112241

රාජ්‍ය නිලධාරීන්ට අගමැතිනියගෙන් උපදෙසක්




රජයේ වියදම් අඩු කිරීම සඳහා උත්සවවලට වැය කරන මුදල් උපරිමයෙන් පාලනය කරන්නැයි නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා. 

පාසල් දරුවන් දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් භාවිත කිරීම නතර කළ යුතු බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවා.