Saturday, September 28, 2024

General line - 0115112241

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් මැතිවරණ කොමිසමට




දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, සහකාර සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා.

එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ ඉදිරි මහ මැතිවරණයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් එම නිලධාරීන් සමග සාකච්ඡා කරන බවයි. 

ඉදිරි මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නාම යෝජනා පත්‍ර භාර ගැනීම ඔක්තෝබර් 04 වනදා සිට ඔක්තොබර් 11 වන දින මධ්‍යහ්න 12 දක්වා සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.