Saturday, September 28, 2024

General line - 0115112241

නෙත් මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ජනපති එක්වෙයි




දිවයිනේ නන්දෙසින් පැමිණි පාඨකයින් රැසක් මේ වනවිටත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සමඟ එක්ව සිටිනවා.

කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ අද ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ දෙවන දිනයටයි.

මෙවර 25වන වරටත් පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධාන කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අද පොත් ප්‍රදර්ශනය සමඟ එක් වූ බවයි පොත් ප්‍රදර්ශන කමිටුවේ සභාපති චන්දු හපුතන්ත්‍රී මහතා පැවසුවේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් කුටියේ රැඳී සිටින විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.

පොත් කැටය සඳහා පරිත්‍යාග සිදුකල නෙත් ශ්‍රාවකයන් කිහිප දෙනෙකු ද මෙහිදී අදහස් පළ කළා.