Saturday, September 28, 2024

General line - 0115112241

අතුරුදන් වූ රජයේ වාහන සොයා විශේෂ විමර්ශනයක්




පසුගිය කාලයේ අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති රජයේ වාහන සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, ජාතික විගණන කාර්යාලය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්වයි.

එම විමර්ශනයෙන් අනතුරුව අතුරුදන් හෝ අස්ථානගතවී ඇති රජයේ වාහන සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සකස් කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය කාලය පුරා රජයේ වාහන රැසක් අතුරුදන්ව හෝ අස්ථානගත වී ඇති බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

එවන් පසුබිමක් තුළ මැති ඇමතිවරුන් ඇතුළු විවිධ පුද්ගලයින් භාවිත කළ වාහන 107ක් කොළඹ ස්ථාන කිහිපයක ගාල්කර තිබුණේ නව රජය පත්වීමත් සමඟයි.

එම වාහන අතර සුඛෝපබෝගී වාහන රැසක් තිබෙන අයුරු දැකගත හැකි වුණා.