Saturday, September 28, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වනවාද? නැද්ද? - තීරණයක් ගන්න කමිටුවකට භාරදෙයි




පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ උපදෙස් මත එම කමිටුව පත්කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය හේතුවෙන් ගැටළුකාරී තත්ත්වයක් උද්ගත වුණා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනද ආරම්භ කළා.

අදාළ විමර්ශන වාර්තා සලකා බැලීමෙන් අනතුරුව ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වනවාද නැද්ද සම්බන්ධයෙන් පත්කළ අදාළ කමිටුව විසින් තීරණය කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.  

මේ අතර පාසල්වල සිදුකරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක්රැස් කිරීම් සිදු නොකළ යුතු බව දන්වමින් දිවයිනේ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත චක්‍රලේකයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින්. ලෝක ළමා දිනය, ගුරු දිනය ඇතුළු විවිධ සැමරුම් උත්සව සඳහා මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.