Tuesday, October 1, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය අදයි




කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පස්වන දිනටත් මේ වනවිට ක්‍රියාත්මකයි.

කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ලබන 06 වනදා දක්වා පැවැත්වෙනවා.

ඒ, පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 දක්වායි. ලෝක ළමා දිනය වෙනුවෙන් අද දිනයේ ප්‍රදර්ශන භූමියට පැමිණෙන දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක බවයි එහි සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත ජයන්ත ප්‍රේමලාල් සමඟින්.