Tuesday, October 1, 2024

General line - 0115112241

ධම්මික පෙරේරාට නැවතත් හේලීස් සමාගමේ තනතුරු




මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් සමූහ ව්‍යාපාරයේ සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා නැවත වතාවක් පත් කර තිබෙනවා.

මීට පෙර ද ධම්මික පෙරේරා මහතා හේලීස් සමූහයේ සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අතර  2022 ජූනි 10 වන දින අදාළ තනතුරුවලින් ඉවත් විය. 

මේ පිළිබඳව හේලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දුන් බවයි වාර්තා වෙන්නේ 

ධම්මික පෙරේරා මහතා සතුව හේලීස් සමූහ ව්‍යාපාරයේ  51.01%ක කොටස් ප්‍රාග්ධන හිමිකාරීත්වයක් පවතිනවා.