Tuesday, October 1, 2024

General line - 0115112241

ලිට්‍රෝ ගෑස් මිල ඔක්තෝම්බරයේ වෙනස් නොවෙයි




ඔක්තෝම්බර් මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදුකිරීම හේතුවෙන් ගෑස් මිල ගණන් නොවෙනස්ව පවත්වාගෙන යාමට හැකි වූ බවයි එම සමාගම පැවසුවේ.      

ඒ අනුව කිලෝග්‍රෑම් 12යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,690 කටත් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,482 කටත් කිලෝ ග්‍රෑම් 2යි දශම 3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 694කටත් තවදුරටත් අලෙවි වනවා.