Tuesday, October 1, 2024

General line - 0115112241

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක් ජනපති හමුවෙයි




දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

ජනපති ධූරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතා වෙත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය සුබපැතුම් පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඉන් අනතුරුව එස්. ශ්‍රීධරන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සුහද කථා බහක ද නිරත වී තිබෙනවා.