Wednesday, November 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි දරුණු ටෙස්ට් පරාජයෙන් පසු නවසීලන්ත නායකයා කිරුළ අත්හරී




ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පරාජයෙන් අනතුරුව නවසීලන්ත නායක ටිම් සවුති සිය ධූරයෙන් ඉවත් වී තිබෙනවා.

ටිම් සවුති සැලකෙන්නේ මෑත කාලයේ නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දුන් සාර්ථක නායකයෙකු ලෙසයි.

ඔහුගේ නායකත්වය යටතේ නවසීලන්තය ටෙස්ට් තරඟ 14කට තරඟවැද තිබෙනවා.

ඉන් තරඟ 06ක් ජය ගත් නවසීලන්තය, තවත් තරඟ 02ක් ජය පරාජයෙන් තොරව අවසන් කළා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව සමග ඉකුත් දා අවසන් වූ ටෙස්ට් තරඟ 02දී නවසීලන්තයට අත්වූයේ දරුණු පරාජයක්.      

ඒ හේතුවෙන් ඔවුන්ට ටෙස්ට් ශූරතා තරඟාවලියේ අවසන් මහා තරඟයට පිවිසීම සම්බන්ධයෙන් වන බලාපොරොත්තු අත්හැර ගැනීමට පවා සිදු වුණා. 

ටිම් සවුති නායකත්වයෙන් ඉවත් වීමෙන් පසු නවසීලන්තයේ නව ටෙස්ට් නායකයා ලෙස පත් කිරීමට නියමිතව ඇත්තේ ටොම් ලැතම්.

ඔහු 2020 - 2022 කාලයේ අවස්ථා 09කදී නවසීලන්තයට නායකත්වය ලබා දී තිබෙනවා.

ටොම් ලැතම්ගේ නායකත්වය යටතේ නවසීලන්ත කණ්ඩායමේ මීළඟ අභියෝගය එළඹෙන ඉන්දීය තරඟ සංචාරයයි.