Wednesday, November 27, 2024

General line - 0115112241

IMF ගිවිසුම වෙනස් කිරීමේ සාකච්ඡා කල් දැමේ




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරින් කණ්ඩායමක් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්.

ඔවුන් ලබන 04 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතයි. 

එම කාලය තුළ මෙම කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අනෙකුත් නිලධාරින් හමුවී සාකච්ඡා කරනු ඇති.

මෙරට ආර්ථිකය සහ ආර්ථිකය ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳ එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි ජාත්‍යන්තර අරමුදලේ ප්‍රකාශකයෙකු පැවසුවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරින් කණ්ඩායමක් සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී එම ගිවිසුමේ අන්තර්ගතය සංශෝධනය කිරීමට මෙම අවස්ථාවේ සාකච්ඡා නොවන බවයි අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ.


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා නොකරනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.