Friday, October 11, 2024

General line - 0115112241

ඊශ්‍රායල් හමුදා ලෙබනනයටත් - භූමියේ සටනත් ඇවිළෙයි




මැදපෙරදිග කලාපය උණුසුම් කරමින් මෙතෙක් ගුවනින් සිදුවූ සටන් අද ගොඩබිම දක්වාද විහිදී ගියා.

ඒ, ඊශ්‍රායල් හමුදා ලෙබනනයට ඇතුළු වීමත් සමගයි. ලෙබනන හමුදා වාර්තාවලට අනුව ඊශ්‍රායල් හමුදා සාමාජිකයින් ලෙබනනයේ දකුණු දෙසින් මීටර් 400ක් පමණ රටට ඇතුළු වී ප්‍රහාර එල්ල කර ඇති බවයි.

පසුව දෙපාර්ශවයේ හමුදා අතර ගැටුම් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මේ වන විට පළ වන වාර්තාවලට අනුව ලෙබනනයට ඇතුළු වූ හමුදා සාමාජිකයෙකු ඝාතනය කර ඇති බවට තහවුරු වී තිබෙනවා.

ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශයේ භූමියේ සටන් මේ වන විටත් පවතින බවට හිස්බුල්ලා සංවිධානය ද තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.