Wednesday, November 27, 2024

General line - 0115112241

IMF නියෝජිතයින්, රජය සමග තීරණාත්මක සාකච්ඡාවක




මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිත පිරිස, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ නියෝජිතයින් මුණගැසී තිබෙනවා.

ඔවුන් මෙලෙස ඊයේ මෙරටට පැමිණියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහනට අදාළව ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමටයි.

IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2යි දශම 9ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය ලබා දීමට අදාළ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ අරමුණයි.      

ඒ අනුව මෙම නියෝජිත පිරිස සහ නව රජය විසින් ෂඵත්‍ සාකච්ඡා සඳහා පත් කර ඇති ආර්ථික කණ්ඩායම අතර හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක් පැවති වැඩසටහන පිළිබඳ සමාලෝචනයක් මෙහිදී දෙපාර්ශවය විසින් සිදු කරන ලද අතර එම ඉදිරි කටයුතු වෙනුවෙන් වූ සැලසුම් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක ආකල්පය ඉහළ නංවමින් වත්මන් රජය යටතේ රට තුළ සිදුවෙමින් පවතින නව ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සිය ප්‍රශංසාව පළ කර ඇතැයි සඳහන්. 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන්  ශ්‍රී ලංකාවේ කැපවීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහයෝගය ලබා ගැනීම පිළිබඳ තීරණාත්මක පියවරක් මෙහිදී සනිටුහන් කළ බවයි.