Wednesday, November 27, 2024

General line - 0115112241

ඩොලරයේ අගය මෙතරම් අඩු වුණේ කොහොමද? 




රුපියලට සාපේක්‍ෂව ඩොලරයේ අගය අඩු වීමට, රටට ඉකුත් සමයේ ගලා ආ විදේශ විනිමය හේතුවී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ සංචාරක ආදායම සහ විදේශ ප්‍රේෂණ ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි. 

රුපියලට සාපේක්‍ෂව ඩොලරයේ අගය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම වඩා වැදගත් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.  

මාස 15කට පසු රුපියලට සාපේක්‍ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඊයේ පළමු වරට රුපියල් 300 සීමාවට වඩා අඩු වුණා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ දින අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 290යි ශත 30ක් ලෙස දැක්වුණා.

එහි විකුණුම් මිල රුපියල් 299යි ශත 35ක් ලෙසයි සටහන් වුණේ.