Tuesday, November 26, 2024

General line - 0115112241

රන්ජන් සහ කමල් අද්දරආරච්චිත් මහ ඡන්දෙට




හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද නව දේශපාලන පක්ෂයක් එළිදැක්වූවා.

ඒ, “එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ” නමින්. එහි සලකුණ මයික්‍රොෆෝනයයි. 

එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා පත්කර තිබෙනවා. පක්ෂය එළැදැක්වීමේ අවස්ථාවට සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ද එක්ව සිටියා.

මේ අතර, ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ද “දෙවන පරපුර” පක්ෂය යටතේ මෙවර මහමැතිවරණයට තරඟ කිරීමට තීරණය කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිඳු විජේවීර මහතා දෙවන පරපුර පක්ෂයේ නායකත්වය දරනවා.