Tuesday, November 26, 2024

General line - 0115112241

ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමේ තීරණය ආණ්ඩුව ආපසු හරවයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




දැඩි ආන්දෝලනයකට තුඩු දුන් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද පැවසුවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 150වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදීයී.

මෙම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත්තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්.