Tuesday, November 26, 2024

General line - 0115112241

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් කොටසක් අවදානමක




පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ සිටින ලියාපදිංචි නොවූ ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ කිසියම් හදිසි තත්ත්වයක් මතුවුවහොත් ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයින්ට ප්‍රමුඛස්ථානය හිමිවන බවයි.

ලෙබනනය තුළ නිසි පරිදි ලියාපදිංචි වී නොමැති ශ්‍රී ලාංකිකයින් සිටන බවයි ඔහු පැවසුවේ. 

මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියන් සිදුවී නොමැති බවයි ඔහු පැවසුවේ.

ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුත් මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලීම් සිදු කර නොමැති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ.