Tuesday, November 26, 2024

General line - 0115112241

අපි ඡන්දෙට එන්නේ රාජ්‍ය බලයට නොවේ විපක්ෂයේ බලයට




රාජ්‍ය බලය වෙනුවෙන් නොව විපක්ෂයේ බලය සඳහා තම පක්ෂයේ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි සර්වජන බලය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු පවසන්නේ මේ මොහොතේ පාර්ලිමේන්තුවේ අගමැති ධුරය සඳහා තරඟ වැදීම කිසිදු ප්‍රායෝගික තත්ත්වයක් නොවන බවයි. 

මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබෙන මන්ත්‍රී ආසන සංඛ්‍යාව සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් පළ කළා.

සර්වජන බලය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.