Friday, October 11, 2024

General line - 0115112241

වැඩබලන අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු දිවුරුම් දෙයි




ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද දිවුරුම් දී තිබෙනවා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මුර්දු ප්‍රනාන්දු මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියක්.

ඇය 1985 වසරේ දී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්ව ඇති අතර, 1997 වසරේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වී තිබෙනවා.

මුර්දු ප්‍රනාන්දු මහත්මිය මොරටුව ප්‍රින්සස් ඔෆ් වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියක්.