Tuesday, November 26, 2024

General line - 0115112241

විමල්, මහමැතිවරණ සටනෙන් ඉවත් වෙයි




2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික නිදහස් පක්ෂය තරඟ නොකරන බව එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. එමගින් ඔහු සඳහන් කර ඇත්තේ, අනුර දිසානායක ජනාධිපතිවරයා “දෙවන - ගෝඨාභය” බවට පත්කිරීම සඳහා රටට හතුරු අධිරාජ්‍ය න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවලට උවමනාවක් තිබෙන බවට සැකයක් නොමැති බවයි.

එහෙත් තම පක්ෂය එම උවමනාව නියෝජනය කරමින් රට තවදුරටත් අර්බුදයට ගොදුරු කිරීමට දායක නොවන බව ද වගකීමෙන් යුතුව පවසන බවයි විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.