Tuesday, November 26, 2024

General line - 0115112241

ග්‍රීක බැඳුම්කර වංචාවට කබ්රාල්ට අධි චෝදනා

උදය කුමාර




හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා පත්‍ර භාරදුන්නා.

ඒ, 2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී තිබෙන අවස්ථාවක මෙරට රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1යි දශම 8කට අධික පාඩුවක් සිදු කළේ යැයි එල්ල වූ චෝදනාවට අදාළවයි. 

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා නියෝග කළා.

ඉන් අනතුරුව විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවත් විදේශගත වන්නේ නම් අධිකරණයේ අවසර ලබා ගත යුතු බවත් නියෝග කළා. 

එසේම විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසයි විනිසුරුවරයා විසින් නියෝග කරනු ලැබුවේ.

ඉන් අනතුරුව මූලික විරෝධතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම නඩුව දෙසැම්බර් මස 06 වනදා කැඳවන ලෙස නියෝග කෙරුණා.