Friday, October 11, 2024

General line - 0115112241

මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අවසන් -විරෝධතා භාර ගැනීම පස්වරු 01යි 30 වන තෙක්

රවීන්ද්‍ර චන්ද්‍රලාල්, ජූඩ් සමන්ත




2024 මහමැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම මීට නොබෝ වේලාවකට පෙර අවසන් වුණා.

මැතිවරණ කොට්ඨාස 22හි සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී නාම යෝජනා භාර ගැනීම් කටයුතු සිදු කෙරුණා.

නාම යෝජනා භාර දීමට අදාළව ගාල්ල දිස්ත්‍රික්කයේ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්ගෙන්.

මේ මාතර දිස්ත්‍රික්කයේ තොරතුරු සොයා බැලූ නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද.

පුත්තලම දිස්ත්‍රික්කයේ නාම යෝජනා භාර ගැනීමේ කටයුතු සිදු වූ ආකාරය සොයා බැලුවා නෙත් නිවුස් වාර්තාකරු ජූඩ් සමන්ත.

අයහපත් කාලගුණ තත්ත්වයක් පැවතියද පෙරවරුවේ සිටම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාම යෝජනා භාර ගැනීමේ කටයුතු සිදු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ. 

උතුරු පළාතේ නාම යෝජනා භාර දීමේ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලුවා නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය.

මේ අතර, මධ්‍යහ්න 12 සිට ආරම්භ වූ විරෝධතා භාර ගැනීම පස්වරු 01යි 30 අවසන් වන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ.

ඒ අනුව නීත්‍යානුකූලව කටයුතු කරන මෙන් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කියා සිටියේ.