Friday, October 11, 2024

General line - 0115112241

පොහොට්ටුවේ තවත් දිස්ත්‍රික් නායකයෙක් තනතුර අතහරී

මහේෂ් කීර්තිරත්ත




මෙවර මහ මැතිවරණය සදහා තමන්ද  ඉදිරිපත් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතා පවසනවා.

එමෙන්ම තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායකත්වයෙන්ද ඉල්ලා අස්වන බවයි ඔහු කියා සිටියේ.

නොයෙකුත් කැපිලි කෙටිලි සහ තාඩන පීඩන මැද තමන් දේශපාලනය කළේ මතවාදය ජනතාව සහ ප්‍රතිපත්ති වෙනුවෙන් බවත් ඔහු පෙන්වා දෙනවා.

එවන් පසුබිමක් තුළ ප්‍රතිපත්ති මූලික ගැටළුවක් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකත්වයෙන් තමන් ඉල්ලා අස් වන බවයි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතා පැවසුවේ.

කෙසේවෙතත් ප්‍රතිපත්ති පාවා දෙමින් වෙනත් කිසිඳු පක්ෂයකට හෝ කඳවුරකට එක් නොවන බව ද, ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර හිටපු ජනාධිපතිවරුන් මෙන්ම පක්ෂ විපක්ෂ තවත් හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම ඉදිරි මහමැතිවරණයට තරඟ නොකරන බව මේ වන විටත් ප්‍රකාශ කර තිබෙනවා.