Friday, October 11, 2024

General line - 0115112241

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් ගැන තීරණයක්




කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන්  සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. 

ඒ අනුව අක්කර පහකට නොවැඩි ඉඩම් මෙලෙස ලබා දීමට නියමිත අතර, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ කෘෂිකර්මල ඉඩම්ල පශු සම්පත්ල වාරිමාර්ගල ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිලධාරින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙහිදී අදාළ අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය විමසූ ජනාධිපතිවරයා ඉදිරි සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා. 

කෘෂිකර්මල ඉඩම්ල පශු සම්පත්ල වාරිමාර්ගල ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම් පී එන් එම් වික්‍රමසිංහල ඉඩම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හේමසිරි ලියනගේ යන මහත්වරු ඇතුළු අදාළ අමාත්‍යාංශවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.