Friday, October 11, 2024

General line - 0115112241

කැලණි ගඟේ පහත් බිම් ප්‍රදේශ කිහිපයක ජනතාවට දැනුම් දීමක්




ඉදිරි පැය 48ක කාලය තුළ කැලණි ගංගා නිම්නයේ පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගඟේ පහත් බිම් ප්‍රදේශවලට එලෙස ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකියි.

ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නැයි එම ප්‍රදේශවල පදිංචි මහ ජනතාව සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරනගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අධ්‍යක්‍ෂ එස් පී සී සුගීෂ්වර මහතා ඉල්ලීමක් ද කළා.