Tuesday, November 26, 2024

General line - 0115112241

මහමැතිවරණයෙන් ජය ගන්නා හැටි මාලිමාව හෙළි කරයි




ජාතික ජන බලවේගයට ඉදිරි මහමැතිවරණයද පහසුවෙන් ජයගත හැකි බව එහි විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී සිය පක්ෂයට ඡන්දය ලබා නොදුන් පිරිසද ඉදිරි මහමැතිවරණයේදී  ඡන්දය ලබා දෙනු ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ. 

මෙවර මහමැතිවරණයට තරඟ නොකරන බවට ප්‍රකාශ කර ඇති පිරිස සම්බන්ධයෙන්ද ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා අදහස් පළ කළා. 

ඉදිරි මහමැතිවරණයට තරඟ නොකරන බව හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ මහතා, මහින්ද රාජපක්ෂ මහතා, සහ මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විටත් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරුන්, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද ඒ අතර වනවා.