Tuesday, October 15, 2024

General line - 0115112241

ලොව වටා සංචාරයක නිරත ඉතාලි නෞකාවක පිරිසක් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි 




ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ උප ලේකම් ආචාර්ය කැමීල්ලෝ ටොස්කානෝ මහතා සහ ශ්‍රි ලංකාවේ ඉතාලි තානාපතිතුමන්ගේ ලේකම් ජෙසුදාස් ජෙබමලායි  මහතා සමග ඉතාලියේ මොන්ටෙකොකුලි නෞකාවේ නාවික හමුදා නිලධාරීන් හා නිලධාරිනියන් 40 දෙනෙකු පමන දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මහතා මුණගැසි තිබෙනවා 

ඒ අද (12) දින දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයට පැමිණි  අවස්ථාවේදී 

ලොව වටා සංචාරයක් යන අතරතුර 2024.10.10 වන දින එම පිරිස ලංකාවට පැමිණ ඇති අතර දින තුනක් ශ්‍රි ලංකාවේ අසිරිය විඳීමෙන් අනතුරුව 13 වනදා  ඔවුන් නැවත සිය රට බලා යාමට නියමිත වේ.

ශ්‍රි ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ උප ලේකම් ආචාර්ය කැමීල්ලෝ ටොස්කානෝ මහතා විසින් ආණ්ඩුකාර නිල නිවස ඉදිරිපිට මෙම සංචාරය සිහිවීම සදහා නා ගසක් ද රෝපණය කරන කෙරිණි.

ඉතාලිය හා ශ්‍රි ලංකාව අතර මිත්‍රත්වය තව දුරටත් වැඩි දියුණු වීමට හා සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කරවීමට මෙම සංචාරය ඉවහල් වන බව ඔවුන් පවසා තිබනවා.

දකුණට ආවේනික තේ පැන් සංග්‍රහයකින් අනතුරුව ගාල්ල කොටුවේ සිරි අසිරිය නැරඹීමටද එම පිරිස එක්විය.