Tuesday, October 15, 2024

General line - 0115112241

දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වූ සිග්ගග්‍රාමී දුම්රියේ එන්ජිම ගිනිගනී

සම්පත්  කුලරත්න




අද උදෑසන දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වන සිග්ගග්‍රාමී දුම්රියේ පිටුපස එන්ජිමේ කොටසක ගින්නක් හටගෙන තිබෙනවා 

මෙම ගින්න පාලනය කිරීමට දුම්රිය ස්ථානයේ නිලධාරීන් සහ දුම්රිය නියාමකවරුන් සමත් වී ඇති අතර ගින්නෙන් බරපතළ හානි තත්ත්වයක් වාර්තා නොවන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ 

මේ නිසා එම දුම්රිය මේ වන විට දකුණු කළුතර  දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාවේ නවතා  තිබෙනවා 

මෙම ගින්න පාලනය කිරීම සඳහා කළුතර නගර සභාවේ ගිනි නිවීම ඒකකයද කැඳවා තිබෙන අතර මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කොට ඇති බවයි නිවුස් වාර්තාකරු පැවසුවේ