Wednesday, October 16, 2024

General line - 0115112241

පොදුරාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 14ක්

ටී කේ ජී කපිල




දකුණු අප්‍රිකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායම යළි දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම තරඟාවලිය දකුණු අප්‍රිකාවේ සන්සිටි නුවරදී ඉකුත් 04 වනදා ආරම්භ වූ අතර 15 වන දින දක්වා පැවැත්වුණා.

සවි එසවීමේ තරඟාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායම රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

මෙම තරඟාවලියට පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,000ක් පමණ සහභාගී වී සිටියා.