Wednesday, October 16, 2024

General line - 0115112241

ඉන්දියාව සහ අමෙරිකාව ඩ්‍රෝන ගනුදෙනුවක




සන්නද්ධ හමුදාවන්ට විශාල දිරිගැන්වීමක් ලෙස, ඉන්දියාව MQ-9B Predator ඩ්‍රෝන 31ක් මිලදී ගැනීම සඳහා අමෙරිකාව සමඟ ගිවිසුමක් අත්සන් කර ඇත. 

නාවික හමුදාවට ඒ අත්‍රින් ඩ්‍රෝන යානා 15ක් ලබා ගැනීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය රජය එලෙස අමෙරිකාවෙන් නාවික හමුදාවට මිලදී ගනු ලබන්නේ 'සීගාර්ඩියන්' ප්‍රභේදයේ ඩ්‍රෝන යානා බව ද සඳහන්.

ඉන්දීය යුධ හමුදාවට සහ ගුවන් හමුදාවට 'ස්කයිගාර්ඩියන්' ප්‍රෙඩේටර් ඩ්‍රෝන 8 බැගින් ලබා දෙනු ඇති බව වාර්තා වනවා.

ඉන්දු - අමෙරිකානු මෙම ඩ්‍රෝන ගනුදෙනුවේ මුළු පිරිවැය ඩොලර් බිලියන 3.5 ට වඩා අඩු වනු ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

රජයන් දෙක අතර විදේශ මිලිටරි විකුණුම් කොන්ත්‍රාත්තුවක් යටතේ ඇමරිකානු නිෂ්පාදක ජෙනරල් ඇටෝමික්ස් ඇරෝනෝටිකල් සිස්ටම්ස් (ජීඒ-ඒඑස්අයි) වෙතින් ඩ්‍රෝන යානා අත්පත් කර ගැනීමේ ගනුදෙනුව මේ මස මුලදී ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටුව විසින් අනුමත කර තිබුණි.