Wednesday, October 16, 2024

General line - 0115112241

දින 05කට පසු ඊශ්‍රායලයෙන් ලෙබනනයට දරුණු ප්‍රහාරයක්




ඊශ්‍රායලය දින පහකට පසු ප්‍රථම වතාවට ලෙබනනයේ බේරූට් වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ, දකුණු දාහිහ් ප්‍රදේශයේ පොළොව යට හිස්බුල්ලා සටන්කාමීන් විසින් සඟවා තිබූ උපායමාර්ගික අවි ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

මේ අතර සති දෙකකට පසු මානුෂීය ආධාර රැගත් ලොරි රථ උතුරු ගාසා තීරයට ඇතුළු වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ බේකරි නිෂ්පාදන සඳහා පිටි ලොරි 28ක් සහ ඉන්ධන ඊට ඇතුළත් වූ බවයි.

අමෙරිකාව ඊශ්‍රායලයට ඊයේ පැවසුවේ ගාසා තීරයේ මානුෂීය ආධාර සඳහා ඉඩ ලබා නොදුනහොත් ලබා දෙන යුදමය ආධාර කපා හරින බවයි.

කෙසේවෙතත් ඊශ්‍රායලය ලෙබනනයේ ප්‍රදේශවලට අඛණ්ඩව පහර දෙමින් සිටිනවා.

ඔවුන් පවසන්නේ උතුරු තීරයේ හමාස් අණ දෙන නිලධාරියෙකු මෙන්ම සටන්කාමීන් 50 කට වැඩි ප්‍රමාණයක් මරා දැමූ බවයි.