Friday, October 18, 2024

General line - 0115112241

SOCO නිලධාරීන් සඳහා ඇමරිකානු තානාපති කාර්යාලයේ සහාය මඟින් පැවැත් වූ පුහුණුව අවසන්




ශ්‍රී ලංකා ඇමරිකානු තානාපති කාර්යාලයේ පූර්ණ අනුග්‍රහය මත, 2024 පෙබරවාරි 19 වැනිදා සිට ඔක්තෝබර් 16 දක්වා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) සඳහා Scene of Crime Officer Training course (Intermediate & Advanced) පුහුණු වැඩමුළුව කළුතර පොලිස් විද්‍යාලයේ දී පැවැත්විණි.

නිලධාරීන් 57 දෙනෙකු Intermediate පාඨමාලාවට සහභාගීවූ අතර, 38 දෙනෙකු Advanced පාඨමාලාවට සහභාගී වී තිබේ. මෙම කාලසීමාව තුළ පුහුණු සැසි 05 ක් පැවැත්විණි.

අවසන් සැසි 02 ක් 2024 ඔක්තෝබර් 05 සිට 2024 ඔක්තෝබර් 16 දක්වා පැවැති අතර, නිලධාරීන් 38 දෙනෙකු Advanced පුහුණුව ලබා ගත්තේය.

අවසන් දිනයේදී, සහතිකපත් ප්‍රදානය සහ නිල ලාංඡන පැළඳවීම ඇමරිකානු තානාපතිනිය ජුලි වන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේදී සිදු විය.

වැඩබලන පොලිස්පතිතුමා විසින් ඇමරිකානු තානාපතිනිය ඇතුළු පාඨමාලාවේ උපදේශකවරුන් වෙත සමරු තිලිණ ප්‍රදානයක්ද සිදු කළේය.

මෙම අවස්ථාවට ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන්, ඇමරිකානු උපදේශකවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ විශේෂිත අපරාධ පරීක්ෂණ නිලධාරීන් එක්ව සිටියහ.