Friday, October 18, 2024

General line - 0115112241

ආණ්ඩුවේ ණය ගැනීම් පිළිබදව හර්ෂගෙ මතය

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට පෙර සිදු කළ ඇතැම් ප්‍රකාශවලට වඩා වෙනස් ආකාරයකින් මේ වන විට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා.

ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පැවතියදී සාමාන්‍ය මට්ටමේ ණය ලබා ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.  

මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනය අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉකුත් දා ප්‍රකාශ කළේ වත්මන් රජය භාණ්ඩාගාර බිල්පත් මඟින් ණය ලබාගෙන ඇත්තේ පසුගිය රජය විසින් ලබාගෙන ඇති දේශීය ණය ගෙවීම සඳහා බවයි.

ඉදිරි වසර තුළ පසුගිය රජය විසින් ලබාගෙන ඇති රුපියල් බිලියන 4,859 ක පමණ ණය මුදලක් වර්තමාන රජයට ගෙවීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.