Friday, October 18, 2024

General line - 0115112241

BLP ලක්ෂපතියන් 31 දෙනෙකුට චෙක්පත් පිරිනැමේ




සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ සුපිරි ජයග්‍රාහකයන් ඇතුළු ජයග්‍රාහකයින් 31 දෙනෙකු සඳහා චෙක්පත් ප්‍රදානය ඉකුත් බදාදා කොළඹදී සිදු කෙරුණා.

ලග්න වාසනාව සුපිරි ජයමල්ල වන රුපියල් පනස් පන් ලක්ෂ 81,454ක මුදල දිනා ගත් වාසනාවන්තයාට සහ සුපිරි ධන සම්පත ලොතරැයියෙන් බිහිවූ රුපියල් විසි පන් ලක්ෂයේ ජයග්‍රාහකයින් දෙදෙනෙකු සඳහා චෙක්පත් ප්‍රදානයද එහිදී සිදුවීම විශේෂත්වයක්.

ඊට අමතරව රුපියල් විසි ලක්ෂයේ ජයග්‍රාහකයින් 15 දෙනෙකුට සහ දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 13 දෙනෙකුටද චෙක්පත් ප්‍රදානය එහිදී සිදු කෙරුණා.