Friday, October 18, 2024

General line - 0115112241

ඉන්දියාව අප්‍රිකාවේ ආයෝජන වැඩි කරයි




අප්‍රිකාව ඉන්දියාවේ වැදගත් වෙළඳ සහ ආයෝජන ගමනාන්තයක් ලෙස මතු වී ඇති බව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු පවසනවා.

ඒ ඇයගේ මලාවි රාජ්‍යයේ සංචාරය අතරතුරදීයි.

එහිදී ඇය පැවසුවේ අප්‍රිකානු මහාද්වීපය තුළ ඉන්දියානු සමාගම් විසින් විදුලි සංදේශ, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපනය සහ ඛනිජ තෙල් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ආයෝජන වර්ධනය වෙමින් පවතින බවයි.

එහිදී ඉන්දියා-මලාවි ව්‍යාපාරික හමුව අමතමින් මුර්මු ප්‍රකාශ කළේ අප්‍රිකාවේ හදවතට පැමිණි පළමු ඉන්දීය ජනාධිපතිවරයා වීම පිළිබඳව තමන් සතුටු වන බවයි.

විදුලි සංදේශ, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපනය, ජල පිරිපහදු සහ ඛනිජ තෙල් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල අප්‍රිකාවේ බහුජාතික සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ඉන්දියානු සමාගම්වල ආයෝජන වර්ධනය වෙමින් පවතින බව ද ජනාධිපතිවරිය පැවසීය.

1964 දී නිදහස ලැබීමෙන් පසු මලාවි සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ පළමු රට ඉන්දියාව බව සඳහන් කළ ඇය දෙරට අතර වාණිජ සබඳතා ඓතිහාසික බව පැවසුවාය. 

නමුත් දෙරට අතර මිනිසුන් අතර සම්බන්ධතාව වසර 140කට වැඩි කාලයක් පවතින බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.