Saturday, October 19, 2024

General line - 0115112241

ගම්මන්පිලගේ අරමුණක් ගැන මාලිමාව පහදයි




පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන වාර්තා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවිධ අදහස් පළ කරන්නේ ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.

ඒ හරහා ඉදිරියේදී පාර්ලිමේන්තුවට පිවිසීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා උත්සහ කරන බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් නීතිඥ සුනිල් වටගල මහතා කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතාද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

කලින් ප්‍රකාශ කළ පරිදි ජනතාවට සහන ලබා දීමට රජය පියවර ගත යුතු බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා පැවසුවේ.  

නෙත් නිවුස් සිව්වන මානය සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.